මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට බස්නාහිර පළාතේ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ඒ අනුව කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් වාහනවල ගමන් ගන්නා රියදුරන් මෙලෙස පරික්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බවත් ඒ හරහා මාර්ගයේ දීම ඔවුන්ව ක්ෂණික පරීක්ෂාවකට ලක් කළ හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මත්ද්‍රව්‍ය හේතුවෙන් වසරකට 400 ක් පමණ අනතුරුවලින් මියයන බවත් එය අවම කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේ.