මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඇල්විටිවෙළ, රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඒ, ගෝනහේන විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.පසුගිය 28 වැනිදා රාගම, ඇල්විටිවෙළ ප්‍රදේශයේ පිහිටි නිවසක උඩුමහලේ කාමරයක් තුළ දී සිදුකළ මෙම වැටලීමේ දී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු ජාවාරම් කිරිම සදහා සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 05, මි.ග්රෑ. 580 ක්, ජංගම දුරකතන 01 ක් විද්‍යුත් තරාදියක් සහ යතුරු පැදියක් ද සොයා ගැණුනා.වයස අවුරුදු 23 හා 24 හැවිරිදි සැකකරුවන් රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාශය වෙත භාර දී තිබෙනවා.