පාසල් නිවාඩුව ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

 

පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2022 වසරේ දෙවන පාසල් වාරය අදින් (01) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව හෙට දිනය රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය.

තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 05 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන්  දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 02 වනදා සිට ජනවාරි මස 20 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇති.

උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 21 වන දින සිට පෙබරවාරි මස 19 වන දින දක්වා පාසල් සදහා නිවාඩු ලබා දෙන අතර 2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර ලබන වසරේ පෙබරවාරි මස 20 වන දින සිට මාර්තු මස 24 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top