අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් “අලි පොත” අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබෙනවා.ඒ, අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දී කැඳවනු ලැබුණා.එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය නිගමනය කළේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරික්ෂා කිරීම සඳහා අලි පොත පරීක්ෂා කිරීම අවශ්‍ය බවයි.
ඒ අනුවයි මේ වන විට නඩු භාණ්ඩයක් වශයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවතින අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලි පොත අද සිට දින 10 ක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේ.