චීන ගගනගාමීන් තිදෙනෙකු පෘථිවියට

 

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 6ක පමණ කාලයක් මෙහෙයුම්වල නිරතව සිටි ගගනගාමීන් තිදෙනෙකු නැවත පෘථිවියට පැමිණ තිබේ.

චීනය විසින් ඉදිකළ Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසන් ඉදිකිරීම් අධීක්ෂණය සඳහා ඔවුන් පසුගිය ජුනි 5වන දින අභ්‍යවකාශයට පිටත්ව ගියේය.

එම කණ්ඩායමට චීනයේ ප්‍රථම ගගනගාමී කාන්තාව වන Liu Yang ද එක්විය.

එම ගගනගාමීන් පිරිස Shenzhou-14 අභ්‍යවකාශ යානය මගින් ඊයේ පෘථිවියට පැමිණ ඇත.

එසේම එම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top