ආන්දෝලනාත්මක නව නීතිය මෙන්න

 

ඉන්දුනීසියාවේ සම්මත කර ඇති නව නීතියක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

එම නීතිය වන්නේ විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් කිරීමයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වනවිට අදාළ නීතිය සම්මත කර ඇති බවය.

එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නව නීතිය එරට සංචාරකයින්ට ද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවය.

මේ අනුව ලෝ ප්‍රකට බාලි දූපත් හි සංචාරයකයින්ට ද මෙම නව නීතිය පලපානු ඇති.

මෙම නීතිය උල්ලංඝනය කරන අයෙකුට වසරක උපරිමයක් දක්වා සිර දඬුවම් පැනවීමේ හැකියාවක් පවතින අතර මාස 06ක කාලයකට පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමේ අවස්ථාවක් ද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top