60න් විශ්‍රාම ගැන්වීම රාජ්‍ය සේවා කොමිසම විසින්ම උල්ලංඝණය කළ බවට චෝදනාවක්

 

රාජ්‍ය ආයතනවල සේවය කරන ප්‍රධානීන් දේශපාලන මැදිහත්වීමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති කිංස්ලි රණවක පවසනවා.ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

.ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා ඔහු ව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඊට අදාළ ලිපිය තමන් වෙත ලැබුණු බවයි හිටපු සභාපතිවරයා මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියේ.මේ අතර විශ්‍රාම යා යුතු වයසේ පසු වන පරිපාලන සේවා නිලධාරින්ගේ පත්වීම් බලධාරියා වන, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් දයා සෙනරත්ගේ සේවය තවදුරටත් දීර්ඝ කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

පරිපාලන සේවය ඇතුළු රජයේ නිලධාරින් විශ්‍රාම යා යුතු වයස අවුරුදු 60ක් බවට විෂය භාර අමාත්‍යවරයා විසින් පසුගිය දා ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී ඇති පසුබිමක රාජ්‍ය සේවා කොමිසම මෙවැනි තීරණයක් ගැනීම විශේෂත්වයක්.මේ හරහා සුදුසුකම් ලත් නිලධාරින්ට උසස් වීම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි පරිපාලන සේවා සංගමයේ සාමාජිකයෙකු කියා සිටියේ.ර

ජයේ තනතුරුවල වැඩ බැලීම, රාජකාරි ඉටු කිරීමට පත්කිරීම හා කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික නිලධාරින් නැවත සේවයේ නො යොදවන ලෙස ඉකුත් මැයි මාසයේ අමාත්‍යංශ ලේකම්වරුන්ට මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ද රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් දයා සෙනරත් විසින්.රජයේ වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය අප්‍රේල් 26 වනදා නිකුත්කළ ඇති චක්‍රලේඛය පදනම් කරගනිමින් ඔහු එම දැනුම් දීම සිදුකර තිබුණා.

කෙසේ වෙතත් අනිද්දා දිනයේදී ඔහුගේ වයස අවුරුදු 61 සම්පූර්ණ වනවා. එසේ තිබියදී ඔහු තවදුරටත් සේවයේ තබා ගැනීම අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ ජනාධිපතිවරයාගේ මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනිව ක්‍රියාකිරීමක් මෙන්ම කොමිෂන් සභාවේ ස්වාධීන බව උල්ලංඝණය කිරීමක් බවයි පරිපාන සේවා සංගමයේ සාමාජිකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top