වායු ගෝලය අවදානම් මට්ටමක පැවති ප්‍රදේශ කිහිපයක් පිළිගත හැකි ගුණාත්මක මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වනවා.
කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වායු තත්ත්වය මෙසේ යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව යි වාර්තා වන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ බව නිවේදනය කරනවා.