මෙරට ගුවන් සේවා ඇරඹී වසර 110ක් සපිරීම වෙනුවෙන් සැමරුමක්

 

මෙරට ගුවන් සේවා ආරම්භ වී වසර 110ක් සපිරීම මුල් කරගනිමින් අද (09) සැමරුම් උත්සවයක් සංවිධාන කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහි වූ චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 78ක් සම්පූර්ණ වීම සැමරීමද ඊට සමගාමී ව සිදු කිරීමට නියමිත යි.

යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක පළමු ගුවන් යානය මෙරටින් පළමු වරට ගුවන්ගත වන්නේ මීට වසර 110කට පෙරයි. ඒ, 1912 වසරේ දෙසැම්බර් 07 වැනිදා යි.

කොළඹ තුරඟ තරඟ පිටිය ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කරමින් ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු වූ මාක් පෝප් සහ ජෝර්ජ් වර්මින් විසින් යාන්ත්‍රික බලයෙන් ගුවන් යානයක් සාර්ථක ව ගුවන්ගත කිරීම මෙරට දී සිදු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top