විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

 

එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන 18 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව 2022.12.14 දින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, එම විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් වනු ඇති .

එසේම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබාගැනීම සපුරා තහනම් බවද නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top