මැන්ඩවුස් සුළි කුණාටුව ඉන්දියානු වෙරළ තීරයට

 

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද අළුයම් කාලය වනවිට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් දෙසැම්බර් 10 වැනි දින දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top