නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයකට අද (10) ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්රී 8.00 දක්වා පැය 10 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා ප්රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා ප්රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්රාදේශීය සභා ප්රදේශ හා රත්මලාන සහ කටුබැද්ද යන ප්රදේශවලටයි.