සඳට ගොස් පැමිණි ඔරායන්

 

සිය දින 26ක සඳ තරණ මෙහෙයුම නිමකළ ඔරායන් අභ්‍යවකාශ යානාව නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගොඩබැස්සවීමට නාසා ආයතනය ඊයේ (11) සමත්විය.

නාසා ආයතනයේ නවතම සඳ තරණ මෙහෙයුම වන ආර්ටිමිස් වන් මෙහෙයුම යටතේ මිනිසුන් රහිත ඔරායන් යානාව අභ්‍යවකාශගත කෙරුණේ පසුගිය නොවැම්බර් මස 16 වනදා ය.

අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කළ ඔරායන් කැප්සූලය දින 26ක මෙහෙයුම අවසන් කර සාර්ථකව පෘථිවිය වෙත පැමිණ තිබේ.

පෘථිවි වායුගෝලයට ඇතුළු වූ යානාව බැලූන යොදාගෙන පැසිෆික් සාගරය වෙත ගොඩ බැස්සවීය.

මිනිසා අවසන් වරට සඳ මත පා තබා වසර 50ක් ගතවීමට සමගාමීව මිනිසුන් නැවතත් සඳ වෙත මිනිසුන් යැවීමේ අරමුණින් නාසා ආයතනය ආර්ටිමිස් මෙහෙයුම ආරම්භ කළේය.

ඒ යටතේ ඔරායන් යානාව කක්ෂගත කෙරුණි.

ඔරායන් කැප්සුලය භාවිතයෙන් තවත් සංකීර්ණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම නාසා විද්‍යාඥයින්ගේ අරමුණයි.

එම මෙහෙයුම් 2024, 2025 සහ 2026 වසරවලදී සිදුකිරීමට නියමිතය.

එහි අවසාන අරමුණ නැවතත් සඳ මතට මිනිසුන් යැවීමය.

මිනිසුන් අවසන් වරට සඳ මත පා තැබුවේ 1972 දෙසැම්බර් 11 වනදා ය. එහිදී ඇපොලෝ 17 යානාවේ කාර්ය මණ්ඩලය වූ Gene Cernan සහ Harrison Schmitt සඳ මත පැය 3ක පමණ කාලයක් ගතකර නැවත පෘථිවියට පැමිණියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top