දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය 









කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන සුන්දර ගම්මානයක මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුරු පවිත්ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. යාබදව පිහිටා ඇති අම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. මෙම පිහිල්ල ගැමුණු කුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත් බව ජනප්රවාද වල සඳහන් වේ. උල්පත් ජලය කෙලින්ම හිස මතට වැටෙද්දී තරමක සිසිලකින් යුක්ත වුනත් ඒ වැනි පිහිල්ලකින් නා ගැනීම අමුතුම ජීවන අත්දැකීමකි.
මෙම රණමුනේ පිහිල්ලෙන් ගැමුණු කුමාරයා ස්නානය කල බවද ජනප්රවාද වල සඳහන් වේ. ගම්වැසියන් පවසන අන්දමට කොපමණ නියං සමයකදී හෝ මෙම රණමුනේ පිහිල්ලේ වතුර නොසිඳේ..
මෙම වටිනා සම්පත රැක ගැනීම එම ගමේ ජනතාවගේ පමණක් නොව මුලු රටේම අයගේ යුතුකමක් . ඔබත් මෙම ස්ථානයට යනවා නම් එම ස්ථානයටත් එම ගම්වාසීන්ටත් හිරිහැරයක් නොවන සේ හැසීරෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි











