විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කරයි, දඬුවම මරණ දණ්ඩනයය

 

විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ යටතේ උපලේඛන ගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා අද (16) පැවති වැඩසටහනක දීය.

මේ වන විට පාසල් පද්ධතියට මත්ද්‍රව්‍ය දැඩිව බලපැම් ඇති කරන බැවින් එය වළක්වාගැනීම සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ පුහුණු වැඩසටහනක් දියත් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේ අදාළ නිළධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා දිවයිනම ආවරණය වන පරිදි පාසල් සියල්ලට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top