ඇලපාත, ගිරිපාගම ප්රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (15) අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක රත්තනපුරේ පදිංචි අයෙක් ඔහු අද (16) දින රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර තවත් මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු සිරිපුර, නුවරගල ප්රදේශයේ දී ඊයේ (15) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්රදේශයේම පදිංචි සැකකරු වයස අවුරුදු 39ක අයෙක්.ඔහු අද (16) දින පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම, ඕපනායක, බටේවෙල ප්රදේශයේ දී ඊයේ (15) මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
43 හැවිරිදි සැකකරු ඕපනායක, හත්කැලේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.පොලිසිය පවසන්නේ එම සැකකරු අද (16) බලංගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.