වෙළෙඳ ගනුදෙනු පියවීමට ඉන්දීය රුපියල්

 

ඉන්දියාව සමග “ඉන්දීය රුපියල්” යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත් ලබාදීමට එරට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව රුසියාව සහ මුරුසිය ටද එම අනුමැතිය හිමිවී තිබුණි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඒ අනුව එම රටවල් ඉන්දීය රුපියල් ඔස්සේ ගනුදෙනු කිරීම සදහා “වොස්ට්‍රෝ” නම් ගිණුම් වීවෘත කිරීමට එකඟවී ඇති බවය.

ඒ අනුව වෙළෙඳ ගනුදෙනු සඳහා අමෙරිකානු ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් යොදාගැනීමට ශ්‍රී ලංකාවටත් හැකියාව ලැබෙයි.

ඉන්දීය රිසව් බැංකුව විසින් මෙම ක්‍රමවේදය පසුගිය ජූලි මාසයේදී ස්ථාපනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top