පාසලක ගංජා සුරුට්ටු බිව්ව සිව්දෙනෙකු අත්අඩංගුවට

 

ගම්පොළ පොලිස් වසමේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක සූක්ෂ්ම අයුරින් ගංජා භාවිත කළ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොල පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි ඊයේ (16) රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කෙරුණේ.එහිදී නීතිවිරෝධී අයුරින් ගංජා පාසලට ගෙනැවිත් ඇත්තේ එහි ආරක්ෂක කටයුතුවල නිරත මුරසේවකයා බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත් අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිදෙනා ගම්වාසීන් ලෙසින් පාසලට ඇතුල් වී මුරකරු සමග හවුලේ ගංජා භාවිත කළ අය බවට හෙළි වී තිබෙනවා.සැකකරුවන් අද (17) ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top