මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වර්ෂාවත් සමඟ පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 4860ක ජල ධාරිතාවයක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.
එබැවින් පහළ වෙසෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ද ඉල්ලීමක් කරනවා.
මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දකුණු බෙංගාල බොක්ක මුහුදේ පවතින අඩුපීඩන කලාපය සෙමෙන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ වෙත ලඟාවීමේ හැකියාවක් පවතින නිසා ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.