පෑලියගොඩ ගෙවල් බින්ඳ හොරු අල්ලයි

 

පෑලියගොඩ ප්‍රදේශයේ දි නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඔවුන් වැලිවේරිය සහ කැලණිය යන ප්‍රදේශවල සිදුවු නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදි සැකකරුවන් විසින් සොරාගන්නා ලද රූපවාහිනි යන්ත්‍රයක්, ටැබ් පරිඝණකයක් සහ ජංගම දුරකථනයක් ඇතුළු දේපළ රැසක් සොයාගෙන ඇති බව සඳහන්ය.

අවුරුදු 25 සහ 54 යන වයස්වල පසුවන සැකකරුවන් දඹුල්ල සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top