එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජනවාරි මාසයේ දෙවනදා වනවිට විදුලි බිල වැඩිවිය යුත්තේ කෙසේද, වැඩිකළ යුතු ආකාරය කෙසේද සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දැනට අයකරන ගාස්තුව අනුව විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු මිලදී ගැනීමටද ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවද, ජනවාරි මාසයේ අනිවාර්යයෙන්ම විදුලිබිල සංශෝධය සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.