ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළට

 

ගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි.

එමෙන්ම මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී තිබුණා.එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998කගේ වැඩිවීමක්.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින්.ඒ අතුරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14ක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

මේ වන විටත් එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.එමෙන්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top