දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේ එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බවය.
1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සහල් තොගය සොයාගෙන තිබේ.
මේ වසරේ පසුගිය ජුලි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීම තහනම් වෙයි.
එම නියෝගය කඩකරමින් අදාළ ගබඩාව භාර නිලධාරීන් විසින් මෙම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ඒ අනුව අත්අඩංගුවට ගත් අදාළ ගබඩාවේ භාරකරු සහ කළමනාකරු බැදුම්කර මත නිදහස් කළ බවය.
අදාළ සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර සැකකරුවන් ජනවාරි 06 වන දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.