කඩුවක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

 

වලගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කඩුව මීට සති 3කට පමණ ඉහතදී මහියංගණය රක්ෂිතයේ නිධානයකින් ලබාගෙන ඇති බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. රත්නපුර – පඹහින්න ප්‍රදේශයට අදාළ කඩුව රැගෙන විත් අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර, එම අවස්ථාවේ දී යි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top