එළැඹෙන උත්සව සමයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඒ අනුව සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි බීමත් රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල බෙදා හැරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
උත්සව සමය සමඟ රිය අනතුරුවල වැඩිවීමක්ද පෙන්නුම් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.