සෙල්ලම් බඩුවල සැඟව ආ මත්ද්‍රව්‍ය කොටුවෙයි

 

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් එම පාර්සල්, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිටදී පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට සමත්ව ඇත.

අදාළ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් ස්පාඥ්ඥය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල්වලින් මෙරටට ආනයනය කර තිබුණි.

අදාළ පාර්සල් තුළ තිබූ සෙල්ලම් බඩු තුළ මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවා මෙරටට ආනයනය කර තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් එම සෙල්ලම් බඩු තුළ තිබී කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත් පෙති 9586 (ග්‍රෑම් 4009) ක් සොයාගැනීමට සමත්විය.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 95,860,000 (කෝටි 10කට ආසන්න) බව තක්සේරු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top