ප්‍රොපෝසල් එකකින් බැන්දේ එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මම දැන් සැපේ ඉන්නේ – සුපිරි සල්ලිකාරයෙක් සමග විවාහ වුන හර්ෂි අන්ජුමාලා

 

ටීවී දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් නර්තන තරඟාවලිය හරහා කලා ලෝකයට පිවිසුන මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි හර්ෂී අංජුමාලා කියන්නේ, පුංචි කාලේ ඉඳලම නර්ථනය දක්ෂ මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශනය වන රාජිනී ටෙලි නාට්‍යයේ අභී ලෙස ඔබ හමුවට එන හර්ෂි සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, හර්ෂි ඔයා මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද..? ඉතින් කොහොමද ලැබෙන ප්‍රතිචාර ..? ”මම රඟපාන චරිතය අභියෝගාත්මක, ආදර්ශවත් චරිතයක්, අම්මා සහ තාත්තා නැතුව එක්තැන් වුන මල්ලිත් බලාගෙන මල්ලිව සනීප කරගන්න ලොකු වෙහෙසක් දරන පාසල් සිසුවියකගේ චරිතයක් තමයි ඒක, ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා හරිම සතුටුයි ලැබෙන ප්‍රතිචාර ගැන”

නර්තනයෙන් කලාවට පිවිසුන ඔබ දැන් රංගන ශිල්පිනියක් ඉතින් කියන්න එදා ඉඳන් අද දක්වා ආව ගමන ගැන ”දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ ජනප්‍රියම තරුව කියන කිරුල හිමිවෙන්නේ මට, ඒ 2008 වසරේදී, මම කලාවට සම්බන්ද වෙන්නේ ඒ හරහා, අද වෙද්දී මම කළා ක්‍ෂේත්‍රයේ යම් තැනක ඉන්නවනම් ඒ මගේ අම්මා නිසා, මොකද පොඩි කාලෙම මගේ හැකියාව අඳුන ගෙන මාව පුහුණු කරලා මේ තරඟයට සම්බන්ද කලේ මගේ අම්මා ඇය තමයි මගේ සෙවනැල්ල,

ඊටපස්සේ මම දෙරණ නාලිකාවේ සිඳු නාට්‍ය හරහා තමයි රංගන ශිල්පිනියක විදියට සම්බන්ද වෙන්නේ, ඊටපස්සේ මම නොමිකෙන මතක කියන නාට්‍යට සම්බන්ද වුනා, ඊටපස්සේ තමයි මට රාජිනී කියන නාට්‍යට ආරාධනා ලැබෙන්නේ, හැබැයි මේ නිර්මාණ අතරේ මම හඬ කැවීම් ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා, මතක සිත්තම් කියන කොරියන් ද්‍රාමා ඒකෙ හඬකැවීම් වලට මම සම්බන්ද වුනා, ජාතික රූපවාහිනියේ අලුතින් පටන් ගන්න ජපන් ටෙලි නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතයකටත් මම හඬකැවීමෙන් සම්බන්ද වෙනවා,

ඒ වගේම මේ වනවිට මම චිත්‍රපටි දෙකක ප්‍රධාන චරිත වලින් සම්බන්ද වෙලා ඉන්නවා, එකක් මාවත කියන ෆිල්ම් එක, අනිත් එක සර්ගේ සහෝ කියන ෆිල්ම් එක, හැබැයි ඒ නිර්මාණ තවම ලංකාවේ ප්‍රධර්ශනය වුනේ නෑ, හැබැයි ඒවා ජාත්‍යන්තර සම්මාන උලෙළ නියෝජනය කරලා නොමිනේට් වෙලා සම්මානත් දිනාගෙන තිබ්බා, ඒ වගේම මම රංගනයෙන් දායක වුන ‘සිසිවන වුවන’ කියල ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතයට සම්බන්ද වුනා, ඒකත් ඉදිරියේදී විකාශනය වේවි”

හර්ෂි පෙම්වතා ගැන කියන්නකෝ ටිකක්, ”පෙම්වතා වගේම මගේ සැමියා, අපි විවාහ වුනේ විවාහ යෝජනාවකින්, මම ටෙලි නාට්‍යකට සම්බන්ද වුනා, මගේ හැම වැඩකටම අම්මා එනවා, ඉතින් ලොකේෂන් එකේදී එයාගේ ඥාතියෙක් තමයි අපේ අම්මගෙන් මම ගැන අහලා තිබ්බේ, එයා ඒ වෙද්දී විදෙස්ගතවෙලා හිටියේ, කොහොම හරි ඒ ටෙලිනාට්‍ය එක්කම මට පෙම්වතාත් ලැබුනා,

අපි දෙන්නා විවාහ වෙලා තාම මාස අටයි, එයා එයාගේ රැකියාව සඳහා ආයෙතම ඔස්ට්‍රේලියාවට ගියා, එයාට බය නෑ අම්මා මගෙත් එක්කම ඉන්නවා කියලා එයා හොඳටම දන්නවා, අනිත් එක එයා දන්නවා මම චරිත බාරගන්නේ අම්මා එක්ක කතා කරලා කියලා, ඉස්සර චරිත තෝරගනිද්දී අම්මගේ කැමැත්ත විතරයි මම බැලුවේ, දැන් ඉතින් සැමියාගේ කැමැත්තත් බලනවා, මොකද මම ගැටුම් ඇති කරගන්න කැමැති කෙනෙක් නෙවෙයි, මමත් ළඟදීම රට යනවා, මොකද මගේ මහත්තයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ එයා එහෙ හොඳ රැකියාවක් කරනවා, ඉතින් මම නිවාඩුවකට වගේ ඕස්ට්‍රේලියාවේ ගිහින් එනවා මම එයා එක්ක සතුටින් සැපෙන් ඉන්නවා මොකද එයා මට ගොඩක් ආදරෙයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top