ඩියේගෝ මැරඩෝනා දීප්තිමත්, අසහාය, උත්කෘෂ්ට පාපන්දු තරුවකි. නිර්දය ප්‍රහාරකයෙකු මෙන්ම වරෙක මතභේදයට තුඩු දුන් චරිතයක් විය.
පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.
එමෙන්ම මතභේදයට තුඩු දුන් ‘දිව්‍යමය හස්තය’ (‘Hand of God’) ලෙස විරුදාවලි ලත් ගෝලය වාර්තා කරමින් ඔහු රසිකයන් කෝප ගැන්වීය. පිටියෙන් බැහැර ජීවිතයේ මතට ලොල් බැඳීම සහ පෞද්ගලික අර්බුද අතර ඔහු එරී සිටියේය.