බොරතෙල් මිලෙහි නැවතත් වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ අමෙරිකානු ඩොලර් 2.94 කින් ඉහළ ගොස් ඇති ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.92 ක් බවයි සඳහන් වන්නේ.

එසේම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 2.07 කින් ඉහළ ගොස් ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 79.56 ක් ලෙසයි.

රුසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000 ත් 700,000 ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බවට ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top