බැඳපු නිසා රංගනයට සමු දෙනවා – පූජනී භාග්‍යා

 

වර්තමාන කළා ක්‍ෂේත්‍රයේ ඉන්න දක්ෂතම සහ සුන්දරම රංගන ශිල්පිනිය වගේම අහිංසකම රංගන ශිල්පිනියක විදියටත් පූජනී භාග්‍යා හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා රසික හදවත් දිනාගන්න සමත්වෙන පූජනී භාග්‍යා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, පූජනී මොකද්ද මේ හැමෝම කියන ගයාන් සහ ඔයා හොරාට විවාහ වෙලා ඉන්නේ කියන කතාව ”ඕක කාලෙන් කාලෙට හැදෙන කතාවක්, මොකද මම ගයාන් අයියා එක්ක එකතු වෙලා පොටෝ ෂූට් කරනවා, මේ වෙද්දී අපි ෆොටෝ ෂූට් පහක් විතර කරලා තියෙනවා, ඒ වගේම තව ෆොටෝ ෂූට් කිහිපයක්ම එන්නත් තියෙනවා, ඉතින් මේ ෆොටෝ ෂූට් සමාජ ජාලාවල නිතරම ශෙයා වෙනවා, ඉතින් ඒවා දකින අය තමයි කියන්නේ අපි විවාහ වෙලා කියලා,

අපි දෙන්නා ගැන දන්නා අය දන්නවා මේ කරන්නේ ෆොටෝ ෂූට් විතරයි කියලා, නොදන්නා පිරිස අපිට සුබ පතලා කමෙන්ට් එහෙමත් දානවා, මට විවාහ වෙන්න ඕන නම් රහසේ විවාහ වෙන්නේ නෑ, හැබැයි ෆොටෝ ෂූට් වයිරල් වීම නිසා ගොඩක් අය ගයාන් අයියටයි මටයි සුබ පතලා තිබ්බා, ඒ යට මොකවත් කියන්න බෑ මොකද එයාලා ආදරෙන් නේ එහෙම සුබ පතන්නේ, ඉතින් අපිත් හරිම ආදරෙන් ඒ දේවල් වැළඳ ගන්නවා,”

පූජනී ආදරේ ගැන සහ විවාහය ගැන මොකද හිතන්නේ ”මට ලස්සන ආදර කතාවක් තියෙනවා, මේ වෙද්දී මදි නොකියන්න මම ආදරේ විඳිනවා, හැබැයි ආදරේ ගැන කියන්න මේක හොඳම කාලය නෙවෙයි කියලයි මට හිතෙන්නේ, අපි බඳින්න දින වෙන් කරලම මම හැමෝටම ඒ ගැන කියන්නම්, කොහොම වුනත් මගේ විවාහය ලබන අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ සිදු වේවි, ඉතින් එතකන් ඉවසලා ඉන්න ඊටපස්සේ මගේ ආදරේ ගැන හැමෝටම දැනගන්න පුළුවන් වේවි,”

පූජනී ලනගදී වැඩිය පෙන්න හිටියේ නෑ නේද..? ”ඔව් මම මාස ගතරක් විතර රංගනයෙන් පොඩ්ඩක් ඈත් වෙලා පොඩි විවේකයක් ගන්න ඕන කියලා හිතුවා, මොකද මම රංගනයෙන් දායක වුන නිර්මාණ කිහිපයක්ම එක දිගටම විකාශනය වුනා, ඒක නිසා මම තීරණය කළා පොඩි විවේකයක් ගන්න, ඉතින් මම නිර්මාණ වලට සම්බන්ද වුනේ නෑ, හැබැයි මම ඒ කාලේ බ්‍රයිඩ්ල් ෂූට්ස් කිහිපයක්ම කළා ටෙලිනාට්‍ය බාරගත්තේ නෑ,”

විවාහයෙන් පස්සේ දිගටම රංගනයේ නියැලෙනවද ”විවාහයෙන් පස්සේ ටික කාලයක් යනකන් මම රංගන කටයුතු වලට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා, කොහොම වුනත් විවාහයෙන් පස්සේ වගකීම් වැඩියි නේ, ඒ නිසා මවක් වෙන කාලයේ වගකීම් වැඩි නිසා රංගන කටයුතු එක්ක අනිත් දේවල් බැලන්ස් කරගන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නෑ, ඒ නිසා ඒ කාලය වෙද්දී මම කලාවෙන් ඈත් වෙන්න හිතාගෙන ඉන්නවා, එහෙම නැත්තන් මම මට පහසු වැඩ ටිකක් බාර අරගෙන කරාවි, හැබැයි ඒ කාලයේ මම ටෙලිනාට්‍යනම් බාරගන්නේ නැති වෙයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top