ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා

 

ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ජනවාරි 5, 9 සහ 16 වන දිනවල නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍ය කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top