ඩෙංගු රෝගය මර්ධනය සඳහා ගත් අලුත්ම තීරණය

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වී‌මේ අරමුණින් 2022 දෙසැම්බර් මස 30 හා 31 දින විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

2022 වසරේ දෙසැම්බර් 26 වන දින විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 75,434 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ වාර්තා වූ ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා වැඩි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top