මගේ අතින් ලොකු වැරද්දක් වුනේ අනේ මට දහස් වාරයක් සමාවෙන්න

කළා ශිල්පිනියක විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ, කාලයක් තිස්සේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උපේක්ෂා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උපේක්ෂා කොහොමද මේ දවස්වල ජීවිතේ ”ජීවිතේ මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි, වැඩ වැඩිවේගෙන එනවා, ඒ වගේම බාරගත්ත නිර්මාණ කිහිපයක ෂූටින් තියෙනවා, ඒවාට සම්බන්ද වෙන්නත් ඕන, ඊටපස්සේ ඉතින් ළමයින්ගේ වැඩ තමයි ඒවත් සේරම කරන්නේ මම ඉතින් ඒ වැඩ එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නේ,”

මේ තියෙන වැඩත් එක්ක දියණිය වෙනුවෙන් කාලය වෙන්කරගන්නේ කොහොමද..? ”ඇත්තටම ඒක ලේසි වැඩක් නෙවෙයි, දුව ඉන්නේ මාත් එක්කමයි සමහර වෙලාවට එයා ගෙදර තියන වෙලාවලුත් තියෙනවා, හැබැයි මම වැඩියෙන්ම කාලය වෙන්කරගෙන තියෙන්නේ දුවත් එක්ක ඉන්න, මට පොඩි විවේකයක් ඕන වුනත් මම එහෙම කරන්නේ නෑ, මම නිතරම උත්සහ කරන්නේ දරුවා එක්ක වැඩි කාලයක් ඉන්න, මම ගොඩක් වෙලාවට ෂූටින් වලට යන්නෙත් දරුවා එක්ක, ඒ තැන්වලට යන්න දුවත් ගොඩක් කැමතියි”

උපක්ෂා ගත්ත වැරදි තීරණයක් නිසා ගොඩක් අපහසුතාවයකට පත්වුනා නේද..? ”ඔව් ඒ කතාව ඇත්ත, මම දේශපාලනයට ඇවිත් කරගත්තේ ලොකු වැරද්දක්, 2015 වසරෙන් තමයි මම දේශපාලනයට සම්බන්ද වුනේ, මම මගේ ජීවිතයේ හොඳම කාලය දේශපාලනය වෙනුවෙන් වැය කළා, අද මට තියෙන ලොකුම දුක ඒක, මම පබා නාට්‍යයෙන් ගොඩක් ජනප්‍රිය වුනා, හැබැයි මගේ හොඳම කාලය දේශපාලනය වෙනුවෙන් නැතිකරගත්තා, අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා ඒවා හදාගන්න ඕන, හැබැයි මම ආයේ කිසිම දවසක දේශපාලනයට සම්බන්ද වෙන්නේ නෑ,”

පොඩිකාලේ ඉඳලම උපේක්ෂට ඕන වුනේ නිලියක් වෙන්නද..? ”අනේ නැහැ මම එහෙම ලොකු ලොකු අරමුණු තියාගෙන ජීවත් වුන කෙනෙක් නෙවෙයි, හැබැයි මම කලාවට හරිම ආසයි, මම ඉපදෙන්නේ ලංකාවේ නෙවෙයි, මම ඉපදෙන්නේ කුවෙට්වල, ඒ වෙද්දී අම්මට කුවේට්වල වාදක මඩුල්ලක් තිබුණ.පොඩි කාලෙන් ඉඳලම මම දැක්කේ ඒවා, අවුරුදු තුනේදී මගේ අම්මා මාව ඩාන්සින් ක්ලාස් එකකට දැම්මා, ඒ නිසා කලාවට මගේ උනන්දුවක් තිබ්බා, ඒ බැඳීම මිසක් වෙන ආසාවක් තිබ්බේ නෑ”

තාම පබාට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා නේද..? ”අම්මෝ ඔව්, තාම පබාට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා, මට ඒ ආදරේ දැනෙනවා, ඒ ලෙන්ගතුකමට මම ගොඩක් ආදරෙයි, අදටත් ගොඩක් අය මට කතා කරන්නේ පබා කියලා,කලාකාරියක් විදිහට කලාව කරගෙන ඉන්නේ නැතුව වෙන ක්ෂේත්‍රවලට ගිහින් එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් ගොඩක් මගේ අතින් වුණා. අනේ ඒ දේවල්වලට සමාවෙන්න කියලත් මම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. මගේ අතින් ආයේ ඒ වැරැද්ද වෙන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top