ඉන්දීය ඖෂධයක් හේතුවෙන් තවත් ළමා මරණ

ඉන්දීය ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කළ කැස්සට ලබාදෙන දියර ඖෂධයක් පානය කළ දරුවන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව උස්බෙකිස්තානය පවසයි.

එම ඖෂධය Marion Biotech නම් සමාගමේ නිෂ්පාදනයක් බව බී බී සී පුවත් සේවය වාර්තා කළේය.

උස්බෙක්ස්තාන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ එම ඖෂධවල විස සහිත එතිලීන් ග්ලයිකෝල් අඩංගු බවය.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවන්ගේ වැඩිහිටියන් වෛද්‍ය උපදෙස් ලබා නොගෙන එම ඖෂධය දරුවන්ට ලබාදී ඇති බවය.

මීට දින කිහිපයකට පෙර ගැම්බියාවේ ද ළමුන් 69 දෙනෙක් දියර ඖෂධයක් පානය කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top