ගායනා කරපු ගීත සියල්ලම හරහා ශ්‍රාවක හදවත් දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ ගායිකාවක් තමයි කාංචනා අනුරාධි කියන්නේ, ඒ වගේම වර්ථමානයේ ඉන්න ජනප්‍රිය ගායිකාව විදියටත් කාංචනා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගෙන ඉන්න කාංචනා අනුරාධි සමග, කාංචනා දැන් ගොඩක් කාර්යබහුල වෙලා නේද..? මොකද කරන්නේ මේ දවස්වල..? ”ඔව් මේ දවස්වලනම් ගොඩක්ම කාර්ය බහුල වුනා, මගේ අලුත් ගීතය පහුගිය දවසක එළිදැක්වූවා, ඒකෙ නම ‘මගේ’ චමත් සංගීත් තමයි ඒ ගීතය සංගීතවත් කලේ, මේ වෙද්දී ඒක ට්‍රෙන්ඩින් ඇවිත් තියෙනවා, ඒ වගේම මේ දවස්වල කැම්පස් එකේ එක්සෑම් තියෙනවා, මං කොළඹ කලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියක් මේ කාර්යබහුල කාලය ඉවර වුන ගමන් ආයෙමත් අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා”
කාංචනා දැන් ප්‍රසංග වීදිකාවට නැතුවම බැරි චරිතයක්, ඉතින් කොහොමද ලැබෙන ආරාධනා එහෙම..? ”ලැබෙන ආරාධනා ගැනනම් ගොඩක් සතුටුයි, හැබැයි සමහර වෙලාවට මම කරන වැඩ සහ මගේ අධ්‍යාපන වැඩ එක්ක මට සමහර ප්‍රසංග මගහැරෙනවා, විදෙස් රටවල්වල ඉන්න ලාංකිකයන්ගෙන් තමයි මට වැඩියෙන්ම ආරාධනා එන්නේ, ඉතින් ඒ නිසා මම ඒ අය ආදරෙන් මතක් කරනවා, මට කොහේ ගියත් ලාංකිකයන්ගේ ආරාධනා ලැබෙනවා, ලාංකිකයන්ගේ ආදරේ ලැබෙනවා, මගේ ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි”
කාංචනා කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ ”මුලින්ම පාසලේදී තමයි මගේ හැකියාව හඳුනාගන්නේ, මගේ මේ ගමනට තාත්තාගෙන් සහ අම්මගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා, මම පාසල් කාලයේ ජයග්‍රහණ ගොඩක් ලාබාගෙන තියෙනවා, මම උසස්පෙළ කරන කාලයේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගන්න සමත් වුනා, ඒ වගේම ඒ වසරේදීම මම වෝකලයිස් අන්තර් පාඨශාලීය ජයග්‍රහණයත් දිනාගත්තා, හැබැයි මම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ සිරස සික්ස්ටීන් ප්ලස් වැඩසටහන හරහා,”

කාංචනා දැන් කොණ්ඩය නිසාත් හැමෝම අතර කතාබහට ලක්වෙනවා නේද..? ”මගේ තාත්තා තමයි කොණ්ඩයට ගොඩක්ම ආස, එයා කොන්ඩේ කපන්න දෙන්නෙම නෑ, සින්දු කියන්න පටන් ගත්තම කොන්ඩේ දිග නිසා මට කරන්න ස්ටයිල් එකක් නැතිව ගියා, ඉතින් කොන්ඩේ හදන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වුනා, මම මුලින් කොන්ඩේ උඩින් දැම්මා ඒක ගොඩක් ජනප්‍රිය වුනා, හැබැයි ඒකට කොන්ඩේ රිදෙනවා, ඊටපස්සේ තමයි කොන්ඩේ දෙක ගොතන්න පටන් ගත්තේ, දැන් ගොඩක් අය කොණ්ඩෙ වවලා මේ ස්ටයිල් එක දානවා. කොණ්ඩය කියන්නේ ගෑනු ළමයෙකුට ආභරණයක්.”
අද වෙද්දී කාංචනා කියන්නේ ජනප්‍රිය ගායන ශිල්ප්නියක් ඉතින් දැන් ආදරවන්තියක්ද ඔයා..? ”මට මගේ මුළු රටින්ම ආදරය ලැබෙනවා, ඉතින් දැන් මට මමත් ආදරවන්තියක් කියලා දැනෙනවා, ආදරය හරිම සුන්දරයි හරියට ලැබෙනවානම්, ඔයාලගෙන් මට ලැබෙන ආදරය තමයි මගේ ලොකුම ශක්තිය, මම මගේ ජීවිතයේ අඩියෙන් අඩියේ ඉදිරියට යන්නේ මට ලැබෙන ඒ ආදරය එක්ක,