ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන සිනමාපටයක් තමයි ‘සිරි පැරකුම්’ සිනමාපටය, ඉතින් මේ සිනමාපටයේ කළු එතනාගේ චරිතයට පන පොවමින් කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි සිනෙති අකිලා කියන්නේ, ‘සිරි පැරකුම්’ හරහා සිනාමාවට පැමිණි සිනෙති මේ වනවිට ලංකාවේ සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සිනෙති අකිලායි, ඉතින් සිනෙති මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා, කළා නිර්මාණ ගැන කියනවනම් ළඟදී ෆිල්ම් එකක වැඩ කළා, ඒ එක්කම සිංහබාහු කියන නාට්‍යයේ වැඩ කරගෙන යනවා,”
ඔයා කලාවට සම්බන්ද වුනේ කොහොමද..? මම පොඩි කාලයේ ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටිය කියන වැඩසටහනට සම්බන්ද වෙලා හිටියා, ඊටපස්සේ මම උසස්පෙළ කළා, ඒ කාලයේ තමයි මට පැරකුම් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ, එතනින් පස්සේ තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ, ඉතින් එදා ඉඳන් අද වෙනකන් මම කලාව එක්ක සම්බන්දවෙලා ඉන්නවා”
චරිතයක් ලැබෙන්න කලින් මොනවද හොයලා බලන්නේ ” මට මේ ක්‍ෂේත්‍රය තුල මගේ දක්ෂතා පෙන්වන්න පුලුවන්නම් මම ඒ චරිතය බාරගන්නවා, මම මගේ අතට පිටපත ලැබුන ගමන් ඒක කියවලා බලන්නේ මට මොනවද කරන්න පුළුවන් කියලා, මම දර්ශන තලයේ ඉන්නේ විනාඩි පහක් වුනත් මම බලන්නේ ඒ විනාඩි පහෙන් මට මොනවද කරන්න තියෙන්නේ කියලා ඒක තමයි මම ගොඩක්ම බලන්නේ”
රංගනයේදී තියෙන සීමා මොනවද..? සිනමාවටද ටෙලිනාට්‍ය කලාවටද වැඩ ඉඩක් දෙන්නේ ”මම ගොඩක්ම කැමති පුංචි තිරයට හැබැයි මට වැඩිපුරම ආරාධනා එන්නේ සිනමාවට, මම මේ ක්‍ෂේත්‍රයට ආවෙත් සිනමාව හරහා ඒ නිසා වෙන්න ඇති එහෙම ආරාධනා ලැබෙන්නේ, මගේ සීමා ගැන කියනවනම් මම අඳින විදිහක් තියෙනවා මට ලැබෙන චරිතයකට වුනත් මම මට අපහසු ඇඳුමක් අඳින්නේ නෑ, එහෙම නැතුව මට කරන්න දෙයක් තියෙන චරිතයක්නම් මම ඒක බාරගන්නවා”
ඔබ දැන් විවාහකයි ඉතින් කොහොමද රංගන ජීවිතයට ලැබෙන සහයෝගය ”සහන් කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්, විවාහ වෙන්න කලින් ඉඳලම එයා මගේ වැඩ හැම එකකටම ගොඩක් උදවු කළා, අදටත් එයා ඒ විදියමයි, මේ වෙද්දී මගේ සැමියා රංගනයෙන් දායක වෙන සිරිදළදාගමනය විකාශය වෙනවා. ඒ එක්කම තව නිර්මාණ කිහිපයකටම එයා දායක වෙලා ඉන්නවා, මගේ පිනකට තමයි සහන් වගේ රත්තරන් සැමියෙක් මට ලැබුනේ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනත් එයා”