රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරයා

මෙහි දැක්වෙන ඡායාරූපය සාමාන්‍යයෙන් රෝහලක දක්නට නොලැබෙන අවස්ථාවකි.

බදුල්ල මහරෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්ය රෝගීන් තිදෙනකුට ප්රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්ය පාලිත රාජපක්ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්ය ප්රතිකාර ලබා දී ඇත.

අසාධ්ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට රෝහලෙන් ලැබුණු කැඳවීමක් අනුව වෛද්යවරයා මෙලෙස රෝහලට පැමිණ තිබේ.

එම අවස්ථාවේ හදිසිය නිසා ඔහුට සිය කණ්ණාඩි කුට්ටම පවා අමතක වී ඇති අතර ඒ වෙනුවට කණ්ණාඩි කුට්ටමක් ද ඉල්ලාගෙන ඇත්තේ වෙනත් අයකුගෙනි.

වෛද්ය රාජකාරියේ දී අඳින ඇඳුමකින් සැරසීමට ගත වන කාලය ද රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වැදගත් බැවින් වෛද්යවරයා කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී පැමිණ මෙසේ රෝගීන්ට ප්රතිකාර කළ බව එම අවස්ථාවේ රෝහලේ අයකු විසින් ලබාගත් ඡායාරූප ද සමඟ වෛද්යවරයාගේ මුහුණු පොතෙහි ද පළ කර තිබිණි.

එම ඡායාරූප සම්බන්ධයෙන් වෛද්ය පාලිත රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබිණි.

ඇඳුමද???

පැවරුනු දේව කාරියද??

එක වරම අසාධ්ය රෝගීන් තිදෙනිකි…

අලුයම ඇමතුම සමීර මල්ලිගෙන් අයියේ ඉක්මනින් වරෙන්..

ඇඳුම ??? ගැටලුවක් මට නැත. කන්නාඩ් කූට්ටම, කලපගේ මල්ලිගෙනි. අවුලක් අවශ්ය වන්නේ, රාජකාරිය ඉටුකිරීමම පමණි.

උපරිමයෙන් ඉටුකළෙමි. කොට කලිසම ගැටලුවක් නොවිනි.. ඉතිං ඇඳුම ?????

මේ රැඩිකල් වීම නොවේ.කාරිය කිරීම වෙනුවෙන්ම පමණි….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top