ලංකාවෙන් කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලසීමාවේන් සොගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර ඊයේ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 05දෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 671,903ක් බවය.

එමෙන්ම ඊයේ දිනයේ කිසිදු කොවිඩ් ආසාදිත මරණක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මේ අතර ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය.

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබේ.

ඉන් ශ්‍රී ලංකාවට පවතින බලපෑම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“රෝගය අපිට බරපතළ ප්‍රශ්නයක් ලෙස පෙනුනේ නැති වුණාට මේ රෝගය අවසන් වෙලා නැති නිසා රෝගය නැවත වැඩිවීමට අවදානමක් නැතුවා නොවේ කියන එක මේ මොහොතේ මතක තබාගත යුතුයි. එයින් වැළකීමට කළ හැකි හොඳම දේ අපි මෙතෙක් කරගෙන ගිය සෞඛ්‍ය පුරුදු ඊටත් වඩා හොඳට ඒ ආකාරයෙන්ම සිදුකිරීම.”

මේ වන විට දෛනිකව මෙරටින් කොවිඩ් රෝගීන් 10 දෙනෙකු පමණ වාර්තා වන නමුත් සැකසහිත සියලු රෝගීන් පරීක්ෂා කිරීම් සිදුනොවීම හේතුවෙන් සමාජයේ යම් රෝගීන් සංඛ්‍යාවක් සිටිය හැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ද පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top