දරුවා මදුරුවෝ කනවා ඒ නිසා එයා ලංකාව එක්කන් එන්නේ නෑ

රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න කටකාරම වගේම සුන්දරම රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ, නිවේදිකාව විදියට කලාවට සම්බන්ද වෙලා පසුව රංගන ශිල්පිනියක් විදියට හැමෝම අතර ජනප්‍රිය ලෝචනා ඉමාෂි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ලෝචි තාම ලංකාවට එනවා යනවා නේ ඉතින් කවද්ද එහෙ නැත්නම් මෙහේ ඉස්ථිර වෙන්නේ..? ”ඇත්තම කියනවනම් මම නෙදර්ලන්තයේ පදිංචි වෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ, මෙහෙ වැඩ ඉවර කරලා එහෙ යනවා ආයේ මෙහෙ ඇවිත් වැඩ ටිකක් කරනවා, ඒ විදියට තමයි මගේ කාලය ගතවෙන්නේ, ලංකාවේ තියෙන කට්ට මට දැන් හොඳට හුරුයි, මට නෙදර්ලන්තයට ගිහින් හුදකාලා ජීවිතයක් ගත කරන්න අමාරුයි, එහෙ පුතයි හස්බන්ඩ් හිටියට මට මෙහෙ යාළුවො ඉන්නවා, ඉතින් මම ලංකාවේ ඉන්නවා කියලා හිතුවා”

සැමියා සහ පුතා ලංකාවේ ඉන්න කැමති නැද්ද..? ”අපොයි ඔව් ඒ දෙන්නානම් එන්නේ නෑ කියලා මට හොඳටම ෂුවර්, මොකද දැන් ඒ දෙන්නා ඒ ජීවිතේට හුරුවෙලා ඉන්නේ, මම නෙදර්ලන්තයට ගියාම පුතා බයවෙනවා මොකද එයා හිතන්නේ මම ඇවිත් ඉන්නේ එයා ලංකාවට එක්කගෙන යන්න කියලා, ලංකාවට ආව කාලේ එයා මදුරුවෝ කූඹී කාලා දැන් එයා ඒකට ගොඩක් බයයි, ඉතින් එයා අනේ අම්මී මට ලංකාවට යන්න නම් බෑ කොස්කිටෝස්ලා ඉන්නවා කියලා කියනවා, එයා තාම පොඩියි නේ ඒ නිසා එයාට ලොකු තේරුමක් නෑ, ඒකයි එහෙම කියන්නේ”

පුතා එහෙ නිදහසේ ජීවත් වෙලා ඉන්නවා ඉතින් ඔයා එහේ ගියාම පුතාට නීති එහෙම දානවද..? ”ඔව් මම නීති දානවා, ඒ නිසා එයා මම එනවට වැඩිය කැමති නෑ, මොකද මම ගොඩක් නීති දානවා, එහෙ ගියාම බබාව ඉස්කෝලේ දාන්නේ මම, දවසක් මං එයාව ගන්න ගියේ නෑ, එදා ගියේ හස්බන්ඩ් පුතා අහලා කෝ තාත්ති අම්මා කියලා, එයා කියලා මම ආයේ ලංකාවට ගියා කියලා පුතා හරිම සතුටෙන් තමයි ගෙදර ඇවිත් තියෙන්නේ, එහෙම ඇවිත් හංගලා තිබ්බ චොකලට් ගොඩක් කාලා”

ලෝචනා වැඩින්ම ආස කරන්නේ නෙදර්ලන්තයේ විලාසිතා කියලා කියනවා නේ ඇත්තද ඒ කතාව ”ඇත්තම කියනවනම් ඔව් මට ලංකාවේ කරන්න තරම් හොඳ විලාසිතා නෑ, හැබැයි හොඳ ඇඳුම් තිබ්බොත් ගන්නවා, අනික ලංකාවේ ඇඳුම් දහාටදාහක් විතර වෙනවා, එච්චර වියදම් කරලා ලස්සන නැත්තන් වැඩක් නෑ නේ, ඉතින් මම කොහොමත් නෙදර්ලන්තයේ යන එන වෙලාවට මට ඕන ඇඳුම් මම එහෙන් ගන්නවා,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top