අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය.

විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top