රැවටීම් ප්‍රතික්ශේප වීම් මාව අරන් ආව තැන, ඔයා බලන් ඉන්නවා නේද

අපේ කළා ලෝකයේ ඉන්න සුන්දරම රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ, මේ දවස්වල විකාශනය වන රැල්ල වෙරළට ආදරේ ටෙලිනාට්‍ය නිසා තරින්දි හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තරින්දි ප්‍රනාන්දු සමග, තරින්දි පහුගිය කාලයේ ඔයා සමාජජාලාවල ආදරය සහ නිදහස ගැන එක එක ප්‍රකාශ සටහන් කරලා තිබ්බා මොකද නිදහස වෙනුවෙන් ඔයා ආදරේ අත්හරියද..? ”මම ඉතින් මට හිතෙන හිතෙන ඒවා ෆේස්බුක් දානවා, ඉතින් ඔය මම දැම්ම එකක් අල්ලාගෙන තමයි හැමෝම කතාවෙන්නේ, ඒක මගේ හිතට ආව අදහසක් විතරයි ඉතින් මම නිකන් ඒක ෆේස්බුක් දැම්මා, හැබැයි ඒ ගැන නිර්වචනය කරලා තිබ්බේ වෙනස් විදියට, ඕනෑම නෙකෙන්ට ඕනෑම කතාවක් කියන්න පුළුවන්,”

තරින්දි ඔයා ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ ආදරයක්ද..? ”මම බලාපොරොත්තු වෙන පෙම්වතා තාම ඉන්නේ මගේ හිත ඇතුලේ, එයා තාම මට හමුවෙලා නෑ, ඇත්තම කියනවනම් මම ආදරෙදී වත්පොහොසත්කම් මිල මුදල් රැකියාව කියන දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ, මට ඕන කරන්නේ මාව තේරුම් අරගෙන මට මගේ වැඩවලට හෙල්ප් කරන කෙනෙක්, හොඳ ගතිගුණ තියෙන දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක් තමයි මම හොයන්නේ, මෙච්චර කාලෙකට පිරිමි අතරින් මම හොඳ පිරිමියෙක් විදියට මම දැක්කේ මගේ තාත්තා විතරයි, තාත්තා තමයි පොඩි කාලේ ඉඳලම මාව හදාගත්තේ ඉතින් මම හොයන්නේ ඒ වගේ කෙනෙක්”

දැන් විවාහ වෙන්න කාලය හරි නේද..? ”මෙහෙමයි විවාහ වෙන්න කාලය හරි කියලා මම පෙම්වතෙක් හොයාගන්න විවාහ වෙන්න කිසිම හදිස්සියක් නෑ, ඇත්තම කියනවනම් මම මුල් තැන දීලා තියෙන්නේ මගේ රංගන වැඩවලට, හැබැයි මට ගැලපෙන මට දැනෙන කෙනෙක් ලැබුනොත් මම විවාහ වේවි, එහෙම නැතුව මම ආදරේ පස්සෙන් පන්නන්නේ නෑ”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ තරින්දි ඇයගේ ජීවිතේ විශාල පිම්මක් අද තියලා තිබ්බා ඇය අද උපාදියක් හිමිකරගෙන, ඉතින් ඒ ගැන ඇය මුහුණු පොතේ තියලා තිබ්බ සටහන තමයි මේ ”අලුත් අවුරුද්ද සතුටුදාක ලගාකරගැනීමක් එක්කම පටන්ගන්න ලැබුන. මගෙ දෙවියන්වන්සේට ස්තූතියි, අම්මා ඔයාගෙ හීන එකින් එක මම හැබැ කරනව, ඔයා බලාගෙන ඉන්නව නේද, කදුලු, තනිකම, පාලුව, විවේචන, රැවටීම්, ප්‍රතික්ශේප වීම්, හැල හැප්පීම් මාව අරගෙන ආව තැන. ස්තූතියි මගෙ අක්ක තාත්ත ස්තුතයි ඕනෙම වෙලාවල් වල මගෙ ලගින්ම හිටියට, ඔයාල දන්නැති වුනාට ඔයාලගෙ වචන, අගයකිරීම් මට ශක්තියක් වුන තැන් ගොඩක් තිබුන, ස්තුතියි” කියලා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top