භාණ්ඩ වර්ග කිහිපයකම මිලෙහි වෙනසක්

ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින් , සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198කට, පාන් පිටි කිලෝවක් රුපියල් 240කට ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top