2020 වසරේ සිට මේ දක්වා ලෝකය උපයා ඇති අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 42ක් වූ සමස්ත ධනයෙන් තුනෙන් දෙකක්ම, සියයට 1ක් තරම් වූ ලෝක ධනවතුන් අතර බෙදී ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර එම අනාවරණය සිදුකර ඇත.
සියයට 99ක් වූ ලොව ඉතිරි ජනගහනය සතුව ඇති මුළු මුදල මෙන් දෙගුණය ඉක්මවූ මුදලක් මේ ධන කුවේරයන් සතුව ඇති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වුණි.
ඔක්ස්ෆෑම් වාර්තාවට අනුව සෑම දිනකම ලොව ධනවතුන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.7කින් ඉහළ යමින් පවතී.
ඒ ලොවපුරා බිලියන 1.7ක් වන කම්කරුවන් සිය වත්කම ඉක්මවූ උද්ධමනයක් පවතින රටවල අසීරුවෙන් ජීවත් වෙමින් පවතින වාර්තාවරණයක ය.
මෙවන් ධනවතුන් මත සෘජු බදු අය නොකෙරෙන බව පෙන්වා දෙන අර්ථවේදීන් අවධාරණය කරන්නේ ඔවුන් මත වැඩි බදු අයකිරීමට එම රජයන් පියවර ගත යුතු බවය.
ලොව බිලියනපතියන් මත සියයට 5ක අවම බදු පැනවීමෙන් වසරකට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක් උපයාගත හැකි බවත්, ඉන් වසරකට දිළිඳුන් බිලියන දෙකක් දරිද්‍රතාවෙන් මුදාගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.