ගායන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙන සුන්දර ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ, ගායනය හරහා හැමෝගෙම ආදරය අවදානය දිනාගන්න සමත්වෙලා ඉන්න දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, දිනේෂ් කොහොමද, මොනවද අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ”මේ අවුරුද්ද තමයි මගේ ජීවිතේ අලුත් පිටු පෙරලන අවුරුද්ද, මොකද මම මේ අවුරුද්ද ප්ලෑන් කරගෙන ඉන්න වැඩ ගොඩක් තියෙනවා, ඒ ටික කරගන්න තමයි මම උත්සහ කරන්නේ, බලමු තාම වැඩ පටන්ගත්තා විතරයි, අපි බලන් ඉමු ඉදිරියට”
රැන්ඩෙලා කියන්නකෝ දිනේෂ්ගේ ආදරේ ගැන, ”දිනේෂ් මට කතා කරන්නේ අම්මා ක් ඉයල , මම හිතන විදියට තමන්ගේ පෙම්වතාට බිරින්දා අම්මා වගේ දැනෙනවානම්, බිරිඳට සැමියා තාත්තා කෙනෙක් විදියට දැනෙනවානම් මම විශ්වාස කරන්නේ ඒ බැඳීම හරිම සුරක්ෂිතයි කියලා, ඕනෑම කෙනෙක්ට සහකරුවෙක් ඕනෑම වෙලාවක හොයාගන්න පුළුවන් හැබැයි සැබෑ ආදරය හිමිකරගන්න පුළුවන් වෙන්නේ එකපාරයි, ඔහුට මම ‘අම්මා’ නොවුණ අම්මා වුණේත්, මට ඔහු ‘තාත්තා’ නොවුණ තාත්තා වුණේත් ඒ පදනම මත. අපේ ආදරේ සදාකාලිකයි”
දිනේෂ් කියන්නේ කාර්යබහුල කෙනෙක්, ඉතින් දිනේෂ්ට ඔයාලා මිස්වෙන්නේ නැද්ද..? ”දිනේෂ් පුළුවන් හැම වෙලාවකම අපි ළඟ ඉන්නවා, එලියට එක්කගෙන යනවා, සප්‍රයි පාටිත් දෙනවා එයා, අපි හැමෝම ගොඩක් ආසයි ඉන්දියානු කෑමවලට, ඒ වගේම මම ආසම ඉඳිආප්ප තොසේ වගේ කෑම කන්න, ඇත්තටම අපි ගොඩක් සන්තෝසෙන් ජීවිතේ විඳිනවා, අපි හරිම ආදරණීය විදියට ජීවත් වෙනවා,”
දිනේෂ් ඔයාගේ බිරිඳ ළඟදී අසනීප වෙලා කියලා දැනගන්න ලැබුනා දැන් කොහොමද බිරිඳගේ තත්වය ”ඔව් මගේ වයිෆ්ටයි දුවලා දෙන්නටයි ඩෙංගු හැදුනා, මගේ වයිෆ්ට ප්‍රතිකාර කලේ නිවසේ ඉඳන්මයි, දැන් නම් ටික ටික එයාටයි ළමයි දෙන්නටයි සනීප වෙමින් ඉන්නේ, දැන් දවස් පහක් විතර වෙනවා එයාට අසනීප වුන මුල් දවස් ටිකෙනම් මම ගොඩක් බය වුනා, දැන් ශේප්”