අපි දෙන්නා පළවෙනි කෝල් එකෙන්ම පැය 17ක් කතා කලා. යාළුවෙලා මාස 2ක් වගේ පොඩි කාලයක් වුණත් අපි ගොඩක් දුර ගිහින් ඉන්නේ.

ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යය හරහා සුද්දී විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ෂානි.

ඉතින් රංගන ශිල්පිනියක් විදියට මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගන්න කෙනෙක් තමයි ඇය. ඉතින් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට කවුරුත් අතරට එන සහ ආදරය ලබා ගන්න කාවින්ද්‍යා ගැන පසු ගිය දා සමාජ මාධ්‍ය හරහා කාවින්ද්‍යාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වයිරල් වුණා.
ඉතින් ඒ ගැන ප්‍රේක්ෂකයන්ගේ වැඩි ආකර්ෂණයට ඇයව ලක් වුණා. ඒ ගැන කාවින්ද්‍යා කියන්නේ ඇය මිනිස්සුන්ව ආදරය බොහෝ සෙයින් විශ්වාස කරන කෙනෙක් කියලයි.
ඉතින් කාවින්ද්‍යා මේ වෙනකොටනම් අලුතින් පෙම් කතාවකට මුල පුරලා. ඒ ආදර කතාව ගැන ඇය පෙම්වතා සමගින් සහභාගි වුණු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” අපි දෙන්නා තවම යාලුවෙලා මාස දෙකයි. එයා විදෙස් ගත වෙලා ඉන්නේ. නිවාඩුවට ලංකාවට එන්නේ. එයා ගී පද රචකයෙක්. එයාගේ ගීතයකට මට ආරාධනා කලා.

එතනින් තමයි පටන් ගත්තේ අපි දෙන්නගෙ හදුනා ගැනීම. අපි දෙන්න කතා කල මුල් කෝල් එක පැය 17ක් කතා කලා. මාස දෙකක් වගේ පොඩි කාලයක් වුණත් අපි ගොඩක් දුර ගිහින් ඉන්නේ.

එයා මාව තේරුම් ගත්ත එක තමයි මම එයාගෙ කැමතිම ගති ගුණේ. විවාහ වෙන්න බලාගෙන ඉන්නකන් එකට ඉන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. තවම විවාහයට දින වකවානු නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top