යුක්‍රේනයට යුද ටැංකි ලබාදීමට ජර්මනියේ එකඟතාව

ලිපාර්ට් ටූ වර්ගයේ යුද ටැංකි පෝලන්තය විසින් යුක්‍රේනයට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකරන බව ජර්මනිය පවසයි.

ජර්මන් විදේශ අමාත්‍ය ඇනාර් බාර්බොක් ඊයේ (23) සඳහන් කළේ, පෝලන්තය මෙතෙක් ජර්මනියෙන් ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඉල්ලා නොමැති බවය.

ජර්මනියේ නිෂ්පාදිත යුද ටැංකි 200ක් පමණ පෝලන්තය සතුව පවතින අතර එම යුද ටැංකි යුක්‍රේනයට ලබාදීම සම්බන්ධයෙන් මීට පෙර ජර්මනිය විරෝධය පළකර තිබුණි.

කෙසේවුව ද ජර්මනියේ අනුමැතියක් නොලැබුණ ද එම යුද ටැංකි යුක්‍රේනයට ලබාදෙන බවට පෝලන්ත අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබු අතර ඊට එකඟතාව පළකරන ලෙස අමෙරිකා සහ යුරෝපා සංගමය ජර්මනියට බලපෑම් එල්ල කළ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top