ලැජ්ජාව නිසයි මම ඒ වැඩේ කරන්න පටන් ගත්තේ

පුංචි හිරයෙන් නිතර පේන්න හිටියේ නැතත් අදටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ, රංගන ශිල්පිනියක වගේම නිෂ්පාධිකාවක්, නිවේධන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආශා මේ දිනවල හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වෙලා තියෙන්නේ ‘ආදරේ මගේ වුණා’ කියන ගීතයත් එක්ක, ඉතින් දැන් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ආශා සමගයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ,

ආශා ඔයා මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ රංගන ශිල්පිනියක විදියට, පසුව ඔයා නිවේදිකාවක් වෙනවා, දැන් ඔයා ඒ හැම දෙකින්ම ඈත් වෙලා නේද..? ”මම කළා ලෝකයට සම්බන්ද වෙන්නේ මට අවුරුදු 11දී, ඒ ළමා නිළියක විදියට, එතකොට රඟපාන එක තමයි මගේ ආසම වැඩේ, මම නිවේදනයට සම්බන්ද වෙන්නේ බොහොම අහම්බයෙන්, ඒ ITN නාලිකාවේ වැඩසටහනක් නිසා, මම ඒ දවස්වල හීන හතක කියන වැඩ සටහනේ නිවේදිකාවක විදියට වැඩ කළා, ඒ රොෂාන් ප්‍රනාන්දු අයියා එක්ක, මගේ තාත්තා පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්දවෙනවට, පස්සේ මම රංගනයේ වැඩ මගදී නතර කරනවා අධ්‍යාපන වැඩ වෙනුවෙන්, උපාධියෙන් පස්සේ මම මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් එක්ක තමයි නැවත ක්ෂේත්‍රයට එන්නේ.”

ආශා කොහොමද චරිත තොර ගන්නේ ”මට ලැබෙන්නෙම අහිංසක චරිත, පොඩ්ඩක් හරි වෙනස් චරිත ලැබෙන්න පටන් ගත්තේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ. ඒ වගේම තමයි චාමර සමරවික්‍රමවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන, ඇත්තම කියනවනම් ශිවා අයියා නිසා මම දුෂ්ට චරිත කරලත් තියෙනවා ඒ වගේම තමයි ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගොඩක් වෙනස් ඒවා”

කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්න ලැබුන එක ගැන මොකද හිතන්නේ ”ඇත්තම කියනවනම් හරිම සතුටුයි මට ඒ ගැන. මොකද මම උපාධිධාරිනියක් වුණේ රංගනයට සම්බන්ද වුන නිසා, මම ඒක ඕනෑම තැනක බය නැතුව කියනවා, ඒකට හේතුව මට පොඩි කාලේ ඉගන ගන්න කිසිම උනන්දුවක් තිබ්බේ නෑ, මගේ අම්මලා තාත්තලා මට ඉගන ගන්න බලකලේ නෑ, මගේ අයියට තමයි හැම තිසේම පාඩම් කරන්න කියලා එයාලා බල කලේ, මම රඟපාලා ටික ටික ජනප්‍රිය වෙද්දී මට ලජ්ජා හිතුනා ලකුණු අඩුවෙන එක ගැන, ඉතින් මට ඕන වුනා කොහොම හරි ලකුණු ටිකක් ගන්න, ඒ උත්සාහය නිසා තමයි මම උපාධියක් ගත්තේ,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top