ඝාතන සිද්ධියකට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 21 වනදා එම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව තිබී ඝාතනය සදහා යොදාගන්නා ලද තියුණු ආයුධ ඇතුළු මොට ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 14ත් 52ත් අතර වයස්වල පසුවන උරුම්බිරායි සහ කෝපායි ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top