ලංකා විදුලිබල මණ්ඩලය මාස 3 ක් තුළ රුපියල් බිලියන 108 ක ආදායමක් ලබා තිබෙනවා

ලංකා විදුලිබල මණ්ඩලය මාස තුනක් තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලය තුළ මෙම ආදායම උපයා ඇති බවයි සමුළුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top