අපි ඕනෑම මැතිවරණයකට සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටුවාය.

අනතුරුව රුවන්වැලි මහ සෑය වන්දනා කළ මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන්ද බැහැ දුටුවේය.

පසුව එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සිය පක්ෂය මැතිවරණයකට මුහුණදීමට ශක්තිමත්ව සිටින බවය.

ප්‍රශ්නය – දැන් කොමිෂන් සභාවේ එක්කෙනෙක් අයින් වෙලා තියෙනවා මේ ඔක්කොම ඡන්දෙ කල්දාන්න ද ?

පිළිතුර – නෑ නෑ අපි ඔක්කෝම සූදානම් නේ. අපි මොකටද කල්දාන්නේ.

ප්‍රශ්නය – ප්‍රතිවාදී පිල ශක්තිමත් කියලා සමහරු කියනවා?

පිළිතුර – සමහරු කියනවා ඉතින්. සමහරුනේ කියන්නේ. රටේ වැඩිදෙනා කියන්නේ අපි ශක්තිමත් කියලා.

ප්‍රශ්නය – තියේවිද හිටපු ජනාධිපතිතුමනි?

පිළිතුර – තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයක් තියන්න යනවා කියලා කියනවා?

පිළිතුර – ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top